Special Notice
Children's Day Celebration
-
- Home
- අපේ පාසල ගැන
- පාසලේ විනය නීති
- කල්වේලා ඇතිව පාසලට පැමිණිය යුතුයි.දිනට නියමිත පවිත්‍රතා කටයුතු පාසල ආරම්භයට ප්‍රථම නිමකළ යුතුයි
- පෞද්ගලික පිරිසිදුකම කෙරේ දිනපතා සැලකිලිමත් විය යුතුයි
- උදය රැස්වීමට සියලු දෙනාම සහභාගි විය යුතු අතර එය සංවිධානය කර ගැනීමට ශිෂ්‍යනායක/නායිකාවන් සහය විය යුතුයි
- පාසල පැවැත්වෙන කාලය තුළ විදුහල්පතිතුමාගේ හෝ ගුරු මණ්ඩලය අවසරයක් නොමැතිව කවරකරුවක් නිසාවත් පාසලෙන් බැහැරව නොයා යුතුය
- විදුහල්පතිතුමා විසින් පත් කරනු ලබන ශිෂ්‍ය නායක නායිකාවන්ට සහ පංති නායක නායිකාවන්ට කීකරු විය යුතුය
- පාසලේ සියලූම සිසුන් සමඟ සමගියෙන් සහෝදරත්වයෙන් සිටිය යුතුය
- පාසලේ සියළු සම්පත් ආරක්ෂා කිරීම හා ඒවා සුරක්ෂිතව තබාගත යුතුය
- පාසලේ සෑම කටයුත්තකදීම ගුරු මහත්ම මහත්මීන්ට සහාය දීම හා ගුරු උපදෙස් මතම කටයුතු කළ යුතුයි
- දිනපතා පාසලට පැමිණිය යුතු අතර නොපැමිණිය හේතුව දක්වා දෙමාපිය හෝ භාරකරුගෙන් ලිපියක් පන්තිභාර ගුරුතුමාට/ගුරුතුමියට ඉදිරිපත් කළ යුතුය.
- පාසල තුළදී මෙන්ම ඉන් පිටතදීත් පාසලේ හා තමාගේ ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරිය යුතුය
- පාසලට නියමිත නිල ඇඳුමින් සැරසී පාසලට පැමිණිය යුතුයි.
- ගුරුවරුන්ට හා දෙමාපිය වැඩිහිටියන්ට කීකරු විය යුතුයි
- ගුරුවරුන් විසින් පවරනු ලබන විෂය හා විෂය බාහිර කටයුතු අතපසු නොකොට කළ යුතුයි.
- ගුරුවරයකු පංතික නොමැති සෑම අවස්ථාවකදීම පංතියේ රැඳී සිට අධ්‍යයන කටයුතුවල නිරත විය යුතුයි
- පාසලට පැමිණීමේ දී හා පාසල ඇරි නිවෙස් කරා යාමයේදී පාරේ දකුණු පැත්තෙන් සන්සුන්ව පේළියට යා යුතු අතර සාධාරණ හේතුවක් නොමැතිව මග නොරැදිය යුතුයි.