සොඳුරු සිරිබර කන්ද උඩරට - ඓතිහාසික භූමියේ
පාතදුම්බර මහා විදුහල - ජය කෙහෙළි නංවා දිනේ
ඈත හුන්නස්ගිරි සිඛර සිප - හමන සීතල වා රෑලි
මෑත දළදා සමිඳු පියසිත් - නිකුත් බුදු රැස් සිහිළැලී
නෑර සුවහස් සුවය ලැබදේ - වඩා සිතකය සැනසිලි
මෑණියනි සුරකින්න අප සැම - වරම් දී සෙනෙහෙන් වෙලී
සොදුරු සිරිබර..................
පොවා සිප්සත වඩා නැණ ගුණ - තනා රට දැය නඟා තැබුමට
දොවා දිරියක් නොමද එළියක් - මෑණියිනි ඔබේ දූ පුතුන්හට
උදා වූ ඒ එකම හිරු සඳු - ඔබයි අපගේ අවිදු අඳුරට
සදා කාලෙන් සදා කාලෙට - අපට ආලෝකයම වුව මැන
අපට ආලෝකයම වුව මැන - අපට ආලෝකයම වුව මැන





