පාතදුම්බර මහා විද්‍යාලය -

  වත්තේගම

පාතදුම්බර මහා විද්‍යාලය

පාතදුම්බර මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

Children's Day Celebration

img-20240912-wa00601.jpg
img-20240912-wa00601.jpg
  • කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.
  • ක්‍රිස්තු වර්ෂ 1941 එකක් වූ ජුනි මස 2වන දින පි. වී ජයසේකර මහතාගේ විදුහල්පතිත්වයෙන් සිසුන් 94 දෙනකුගේ සහභාගිත්වයෙන් වලල මධ්‍යමහා විදුහලින් ප්‍රාථමික අංශය ලෙසපාතදුම්බර මහා විදුහල ආරම්භ විය. ආරම්භයේදී විදුහල්පති සමග ටී. එම් .අමරකෝන් නම් ගුරුතු ගුරුවරියක් සේවය කර ඇත.ආරම්භයේදී එක ගොඩනැගිල්ලකින් හා වැසිකිළි එකකින් විදුහල සමතවිය.1979 මාර්තු මස 10 වන දින පාතදුම්බර කනිෂ්ට විදුහල මහ/ පාතදුම්බර මහා විදුහල බවට පත් විය එදා 1980 දී විදුහලට විදුලි බලය ලැබී ඇත 1982 දී හෙක්ටයාර් 7776 ඉඩමක් පාසල සතු වූ අතර  1994 ජූලි මස 21 වන දින නව බුදු මැදුරක් පාසල වෙනුවෙන් විවෘත විය

  • මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 90ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 15කින් සමන්විතය. 2220ක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "දැයට අබිමානවත් දරු පිරිසක් දායාද කිරිම" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2025 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.

ආරම්භ කළ වර්ෂය

1940 දෙසැම්බර් 10

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

10

මුල් ගුරුතුමාගේ නම

එම්. ඒ. ජයසේන මහතා

පාසලේ ආදි කතෘගේ නම

ඩේවිඩ් ගුණවර්ධන මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

පාතදුම්බර මහා විදුහලට

පාසල භාරව කටයුතු කිරීම

ජී.වී. හල්පොල මහතා

පාසල පැවැත්වූ ස්ථානය

මහනුවර, මුල්ගම ගම්මානයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ල

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

ඕ.එල්.විමලපාල

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

ආර්.එම්. විමලාවතී

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1940 දෙසැම්බර් 10 දින